බොදු බල සේනාවට එරෙහිව 'පියවර ගන්නවා'
බොදු බල සේනා සංවිධානයේ නීති විරෝධී ක්‍රියා සහ තර්ජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බව වටරැක විජිත හිමියෝ පවසති.

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම් වස් තමන් ගෙන යන වැඩපිළිවෙල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අගය කිරීමට ලක් වූ බවද එහිමියෝ බීබීසී සංදේශයට කියා සිටියහ.
එම වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරන මෙන් තමන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, විජිත හිමියන්ට ආරක්ෂාව සලසන බවට පොරොන්දු වී තිබේ.
තර්ජන නොතකා මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීම්වලට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් එහිමියෝ පැවසූහ.
වටරැක විජිත හිමියන් පසුගිය සති අන්තයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේයි, ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව දී තිබෙන්නේ.
"ඒවා මින් ඉදිරියට කරන්න ඉඩ තියන්නේ නෑ කියල එතුමා මට පොරොන්දු වුනා," යනුවෙන්ද එහිමියෝ සඳහන් කළහ.