කිලිනොච්චියේ ක්‍රියාධාරිනියක් අත්අඩංගුවට

ඡායාරූප මූලාශ්‍රය, sri lanka police
කිලිනොච්චියේ මානව හිමිකම් ක්‍රියාධාරිනියක ඇයගේ දියණිය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට ජෙයකුමාරි බාලේන්ද්‍රන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
ඇයගේ පුත්‍රයා අතුරුදහන් වී ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඉදිරියෙන්ම සිටියාය.
ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.




