සිංහල දෙමළ දෙපැත්තම වැරදියි - මුරලිදරන්
දෙමළ ජාතිකයකු වීම නිසා තමා අතීතයේ පීඩාවට පත් වූ ආකාරය ප්‍රකාශ කිරීමට දැන් අවශ්‍යතාවක් නැතැයි ජගත් දඟ පන්දු ශූර මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කරයි.
ක්‍රීඩකයන්, කලාකරුවන්, සහ දේශපාලකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති ජාතික සමගිය පිළිබඳ මාධ්‍ය මුලුවක දී මුරලිදරන් කියා සිටියේ, සිංහල සහ දෙමළ දෙ පිරිසම නපුරු දේ කර ඇති බවයි.
එම මාධ්‍ය හමුව කැඳවනු ලැබ තිබුණේ ජාතික භාෂා සහ සමාජ ඒකාග්‍රතාව භාර ඇමති වාසුදේව නානායක්කාර විසින්.

ඡායාරූප මූලාශ්‍රය, PA
මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ අප්‍රියෙල් මස හත් වෙනිදා ආරම්භ කෙරෙන ජාතිය ගොඩ නැගීමේ මහා සමුළුව පිළිබඳ ව නිවේදනය කිරීමට.
මාධ්‍ය හමුවේ තේමාව ලෙස ප්‍රකාශයට පත් කර තිබුණේ ‘විවිධත්වයෙන් අලංකෘත ජාතික සමගිය’ යන්න.
ජාතික විෂමතාව
එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ මුත්තයියා මුරලිදරන් ‘අතීතය හෑරීමෙන් ලැබිය හැකි ජයග්‍රහණයක් නොමැති' බවයි කියා සිටියේ.
එම හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියේ, ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ මධ්‍යම ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර පරතරය පියවීමේ ප්‍රමාණයට බවයි.
ජාතීන් අතර පළමු ජාතිය ,දෙවැනි ජාතිය වැනි මතාන්තර මුල් බැස ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට හේතු විනැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී පොන්සේකා පවසයි.
ජාතික සමගිය මාධ්‍ය මුළුවේ දී අදහස් දැක් වූ ගායක සන්තුෂ් වීරමන් කියා සිටියේ, දකුණු ඉන්දියානු ගීතවලට මිස සිය නිර්මාණ වලට දේශීය සන්නිවේදන ආයතන මගින් ප්‍රචාරයක් නො ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ගායකයන් අතර කනස්සල්ලක් පවතින බවයි.