බත්තලන්ගුණ්ඩුව පාසල යළි විවෘත කෙරේ

වෙනත් පාසල්වලට රජයෙන් ලැබෙන කිසිදු ආධාරයක් දූපතේ පාසලට නොලැබේ

ඡායාරූප මූලාශ්‍රය, Photo Prasad Poornimal Jayamanne

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙනත් පාසල්වලට රජයෙන් ලැබෙන කිසිදු ආධාරයක් දූපතේ පාසලට නොලැබේ

ගුරුවරු නොමැති වීමෙන් වසා දමා තිබුණු බත්තලන්ගුණ්ඩුව දූපතේ පාසල හලාවත පදවි සෙඩෙක් ආයතනයේ මැදිහත්වීම මත යළි ආරම්භ කොට තිබේ.

ස්වේච්ඡාවෙන් බත්තලන්ගුණ්ඩුව දරුවන්ට ඉගැන්වීමට චන්ද්‍රිකා මිහිරාණි ගුරුතුමිය ඉදිරිපත් වී සිටින අතර විවිධ වයස් කාණ්ඩ වල ළමුන් විසි හත් දෙනකු වෙනුවෙන් ඇය ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ එකම පන්ති කාමරයක් තුලයි.

වෙනත් පාසල් වෙනුවෙන් රජයෙන් සැපයෙන මූලාධාර ඇතුළු කිසිදු ආධාරයක් මෙම පාසලට නොලැබේ.

රජයේ ආයතන කීපයක්ම බත්තලන්ගුණ්ඩුව දූපතේ තිබෙන නමුත් එහි පවතින අවම පහසුකම් හේතුවෙන් පාසල් ගුරුවරයකු දූපතට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති බවයි, බත්තලන්ගුණ්ඩුව වික්ෂෝප මාතා ධිවර සමිතියේ ලේකම් ප්‍රිමල් චාර්ල්ස් ප්‍රනාන්දු ප්‍රකාශ කලේ.

සතියක් තුල සිංහල අකුරු, ඉංග්‍රීසි අකුරු, සතියේ දින වැනි දේ ළමයින්ට ඉගැන්වීමට හැකි වූ බව චන්ද්‍රිකා මිහිරාණි ගුරුවරිය කියා සිටියාය.

ඒ අතර ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරන කල්පිටිය මීසම් පාලක පියතුමා, බත්තලන්ගුණ්ඩුව දූපතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටියි.