නවී පිල්ලේ හමුවූ අයට රජයෙන් සහතිකයක්
උතුරු හා නැගෙනහිරදී මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය හමුවූ අය ට එරෙහිව කිසිදු මර්දනයක් දියත් නො කැරෙන බවට ශ්‍රී ලංකාවේ රජය සහතික විය.
විදේශ ඇමැති ජී එල් පීරිස් මෙම සහතිකය ලබා දුන්නේ තමන් හමුවූ යුද පීඩිතයන් හා මානව හිමිකම් ක්‍රියාධාරීන් තර්ජනයට ලක්වූ බවට නවී පිල්ලේ කොළඹදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී ය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී කළ විමසුමකදී.
මහාචාර්ය පීරිස් සඳුදා ලන්ඩනයේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුයේ මහ කොමසාරිස්වරිය සිය සත්දින ශ්‍රී ලාංකික සංචාරය අවසානයේ කළ ප්‍රකාශ වලට ප්‍රතිචාර දැක්වීම සඳහා.
ත්‍රිකුනාමලයේ දී තමන් හා සාකච්ඡා කළ බොහෝ සාමාන්‍ය වැසියන්, මාධ්‍යවේදීන් හා අඩුම වශයෙන් පුජකවරුන් දෙදෙනකු මෙන්ම මුලතිව් වැසියන්ද <link type="page"><caption> පොලිසියේත් හමුදාවේත් ප්‍රශ්න කිරීමට</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/09/130901_armyback.shtml" platform="highweb"/></link> ලක්වූ බව නවී පිල්ලේ ප්‍රකාශ කොට තිබුණි.
සමතුලිත හෝ සාධාරණ නෑ

මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ රජයට ඒ පිළිබඳව නිල පැමිණිල්ලක් කර නැතත් පරීක්ෂණයක් පවත්වන බවයි ජී එල් පීරිස් අමාත්‍යවරයා පැවසුවේ.
නවී පිල්ලේ ශ්‍රී ලංකාවේ රජය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ දෑ ‘සමතුලිත බවින් හෝ සාධාරණ කමින් මුළුමනින්ම තොර වුවක්,’ ලෙසින් බැහැර කළ විදේශ අමාත්‍යවරයා මහ කොමසාරිස් ලෝකය නොමග යවන බවට චෝදනා කළේය .
<link type="page"><caption> ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අධිකාරි වාදය දිසාවට</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/08/130831_navi.shtml" platform="highweb"/></link> ගමන් කරමින් සිටින බවට නවී පිල්ලේ සිය ශ්‍රී ලාංකික සංචාරය හමාරයේ කොළඹදී ඉදිරිපත් කළ නිරීක්ෂණයද විදේශ ඇමැති වරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.