
10,000 කට ආසන්න එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනයෙන් අනතුරුව නිදහස් කරනු ලැබ තිබේ
පුනරුත්ථාපනයෙන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් නිදහස් කරන ලද එල්ටීටීඊ සාමාජිකයන් විශාල පිරිසක් වෙසෙන ස්ථාන පිලිබඳ තොරතුරු සොයා ගත නොහැකි බව බලධාරීහු පවසති.
නිදහස ලබා නිවෙස්වලට ගොස් සිටින එල්ටීටීඊ සාමාජිකයන් සොයමින් ආරක්ෂක හමුදා තම නිවෙස්වලට පැමිණීම හේතුවෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනකු අතුරුදහන්ව සිටින බවයි, තත්ත්වය පිළිබඳව සොයා බැලූ දිනසේන රතුගමගේ පවසන්නේ.
ඔවුන් අතරින් බොහෝ පිරිස් ඔවුන් බලධාරීන්ට ලබා දී ඇති ලිපිනවල පදිංචිව නොසිටින අතර, ආරක්ෂක හමුදාවේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැන් යලිත් බියෙන් පසුවන බව එසේ නිදහස ලැබූ ඇතැමෙක් බීබීසී සංදේශයට පැවසූහ.
පුනරුත්ථාපනය කෙරුණු එල්ටීටීඊ සාමාජිකයන් නැවත පරීක්ෂා කිරීමේ ක්‍රියාදාමය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දැඩි විවේචනයට ලක් කරන නමුත් තමන් එවැනි පසු විපරමක් සිදු නොකරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් දර්ශණ හෙට්ටිආරච්චි සංදේශයට කියා සිටියේය.
කෙසේ නමුත් ආණ්ඩුව එවැනි පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පිළිගත්තේය.
"මේ අය නිදහස් වෙන අයත්, නැවත පසු විපරම් කමිටුව මගින් අධීක්ෂණය කරලා, ඒ අයගේ ආර්ථික ශක්තිය දියුණු කරන්න අවශ්‍ය සියලු ක්‍රියාකාරකම් ගොඩ නැඟල තියෙනවා," බවයි, අමාත්‍යවරයා පවසන්නේ.
10,000 කට ආසන්න එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් පුනරුත්ථාපනයෙන් අනතුරුව නිදහස් කරනු ලැබ තිබේ.












