කොළඹ පිහිටි නීතිවේදී ගුණරත්න වන්නිනායකගේ නිවසට ඇතුළු වීමට මඳ වේලාවකට පෙර ආයුධ සන්නද්ධ කණ්ඩායමක් දරූ උත්සාහයක් අසාර්ථක වූ බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.
'ෆ‍්‍රී මාර්ච්' සංවිධානයේ කැඳවුම්කරු වන නීතිඥ ගුණරත්න වන්නිනායක සේවය නිමවා මෝටර් රථයෙන් නිවසට යමින් සිටියදී, ඒ පිටුපස පැමිණි පුද්ගලයින් 4 සිව්දෙනෙකු වාහනයේ වීදුරුව පහත් කරන ලෙස පවසා තර්ජනය කර පහරදීමට තැත් කළ බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය පවසයි.
ඔහුගේ බොරලැස්ගමුව පිරිවෙන පාරේ පිහිටි නිවස ඉදිරිපිටදීයි මෙම තර්ජනය සිදුව තිබෙන්නේ.
ගුණරත්න වන්නිනායක, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝගයට එරෙහිව ප්‍රබල හඬක් නැගූ විපක්ෂ ක්‍රියාකාරිකයෙක්.












