
චන්ද්‍රා ඒකනායක සහ එස් අයි ඉමාම් විනිශ්චයකාරවරුන් දෙදෙනා නඩු විභාග සඳහා පැමිණ නොසිටියේ මන්ද යන්න අධිකරණයේ ප්‍රකාශයට පත්වූයේ නැහැ
විනිසුරු ශිරාණි තිලකවර්ධන සමග අසුන් ගැනීමට නියමිත සිටි අනෙක් විනිසුරුවරුන් දෙදෙනා නොපැමිණීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු නඩු විභාග සියල්ල කල් දැමීමට සිදුවිය.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව පැවැත්වුණු දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ තිලකවර්ධන විනිසුරුවරිය හමුවේ සාක්ෂි දුන්නාය.
විශේෂයෙන්ම ගෝල්ඩන් කී සමාගම වසා දැමීමේ සිදුවීම සම්බන්ධ නඩු විභාගයෙන් තමන් ඉවත් කොට අගවිනිසුරුවරිය එහි මුලසුන දැරීම තිලකවර්ධන විනිසුරුවරියගේ දෝෂ දර්ශනයට ලක්වූ බව තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාර්තාවේ දැක්වේ.
කෙසේ නමුත් චන්ද්‍රා ඒකනායක සහ එස් අයි ඉමාම් විනිශ්චයකාරවරුන් දෙදෙනා නඩු විභාග සඳහා පැමිණ නොසිටියේ මන්ද යන්න අධිකරණයේ ප්‍රකාශයට පත්වූයේ නැහැ.
රාජ්‍ය මාධ්‍ය
ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියේ ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය පමණක් බැවින් නඩු විභාග 30 කට අධික ප්‍රමාණයක් කල් දැමීමට ඇයට සිදුවිය.
මේ අතර ප්‍රකාශයක් කරන ප්‍රජාතත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංවිධානය, රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගෙන අධිකරණය වෙත කෙරෙන පහරදීම් වහාම නැවැත්විය යුතු බව අවධාරණය කරයි.
"අපි නැවත වරක් රජයේ මාධ්‍යයට කියා සිටිනවා මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරන ලෙස," නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ සඳහන් කළේය.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතිඥ සංවිධාන ගණනාවක් මේ අතර ප්‍රකාශ කළේ නීතිඥ සංගමයේ උප සභාපතිනි අනෝමා ගුණතිලකට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට නීතිවේදීන් බහුතරයක් සූදානම් වීම හමුවේ ඇය පදවියෙන් ඉල්ලා අස්වූ බවයි.
දෝෂාභියෝග ක්‍රියාවලියේදී ආණ්ඩුවට පක්ෂග්‍රාහීව ක්‍රියාකරමින් නීතිඥ සංගමයේ සාමූහික වගකීම ඇය උල්ලංඝනය කිරීම එම විශ්වාස භංගයට හේතුව බව නීතිඥ සුනිල් වටගල පැවසීය.












