
'මේ රට පාලනය කරන පුද්ගලයා කියල තියෙනව මීට පස්සේ අග විනිසුරුවරු පත් කරන්නේ වැඩ බලන ආකාරයට පමණයි කියල'
දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට පදවියෙන් ඉවත් කිරීමට තරම් අග්‍ර විනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක වරදක් කොට නැති බව පවසන ජනරාල් සරත් ෆොන්සේකා එතුමිය කරන ලද එකම වරද දිවි නැගුම පණත රටේ ව්‍යවස්ථාවට අනුකූල නොමැති බව තීන්දු කිරීම පමණක් බවද ප්‍රකාශ කරයි.
එම තීන්දුව පිළිබඳව කෝපයට පත් වී සිටින ආණ්ඩුව අගවිනිසුරු වරියට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්නේ පළිගැනීමේ අදහසින් බවද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයාද වන හිටපු හමුදාපතවරයා සඳහන් කළේය.
අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්රීවර්ය් පිරිසක් ඊයේ කථානායකවරයාට ඉදිරිපත් කළ මුත් එහි අඩංගු චෝදනා අනාවරණය කිරීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.
අදාළ දෝෂාභියෝග යෝජනාව සහ පළාත් සභාවල බලතල යලිත් මධ්‍යම ආණ්ඩුවට පැවරෙන දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධ තීන්දුව මෙන්ම මංජුල තිලකරත්න අධිකරණ සේවා සභාවේ ලේකම්වරයාට එල්ල වූ ප්‍රහාරයද එකිනෙක හා කෙලින්ම සම්බන්ධ සිදුවීම් බව බීබීසී සංදේශයට පැවසූ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් පිලිබඳ ආයතනය, දෝෂාභියෝගය දේශපාලන අරමුණකින් ඉදිරිපත් කෙරෙන්නක්ය යන චෝදනාවෙන් ආණ්ඩුවට මිදිය නොහැකි බවද අවධාරණය කරයි.
දෝෂාභියෝගය මාර්ගයෙන් අගවිනිසුරුවරිය පදවියෙන් පහ කොට, ඉන් අනතුරුව සියලුම අග්‍ර විනිශ්චයකාරවරුන් වැඩ බැලීමේ පදනම මත පත්කිරීමට සූදානම් වන බවටද සරත් ෆොන්සේකා ආණ්ඩුවට චෝදනා කරයි.
වත්මන් අධිකරණ පද්ධතිය යටතේ තමාටද සාධාරණය ඉටුවී නැති නමුත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිණිස පෙරමුණ ගැනීමට පසුබට නොවන බවද ඔහු අවධාරණය කරයි.












