ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය: 'මගේ ගෙදරට නම දාන්නේ 'අරගලය' කියලා'
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයෙකු රටින් පළවා හැර, පාලනයේ වෙනසක් කළ අරගලය නිම වී වසරක් ගත වී තිබේ.
පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් තිබු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත් වී, පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති වන්නට මග විවර වුණේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
අරගලය දැන් අවසන් ද? අරගලයෙන් දිනාගත් දෙයක් තිබේ ද? ඒ ගැන අරගලයේ ක්‍රියාකාරීව කටයුතු කළ කිහිපදෙනෙකු BBC සිංහල සේවයට අදහස් දැක්වූහ.