ආර්ථික අර්බුදය: 'මගේ ගෙදරට නම දාන්නේ 'අරගලය' කියලා'

වීඩියෝ ශීර්ෂ වැකිය, ආර්ථික අර්බුදය : අරගලයේ ක්‍රියාකාරීන් වසරකට පසු කියන දේ

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයෙකු රටින් පළවා හැර, පාලනයේ වෙනසක් කළ අරගලය නිම වී වසරක් ගත වී තිබේ.

පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් තිබු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත් වී, පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති වන්නට මග විවර වුණේ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

අරගලය දැන් අවසන් ද? අරගලයෙන් දිනාගත් දෙයක් තිබේ ද? ඒ ගැන අරගලයේ ක්‍රියාකාරීව කටයුතු කළ කිහිපදෙනෙකු BBC සිංහල සේවයට අදහස් දැක්වූහ.