ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය:ලංකාවේ වැඩිම අවස්ථා ගණනක් ලේ දන් දුන් උපුල්ගේ පෝෂණ වට්ටෝරුව
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට (ජුනි 14) දී තිබේ.
අවස්ථා 331ක් රුධිරය පරිත්‍යාග කර ඇති උපුල් ගමගේ ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයා බව ජාතික රුධිර මධ්‍යස්ථානය පවසයි.
ඔහු අවස්ථා 55ක දී සම්පූර්ණ රුධිරය ලබා දී ඇති අතර අවස්ථා 276ක දී රුධිර පට්ටිකා ප්‍රදානය කර තිබේ.
''මම නිර්මාංශ කෙනෙක්. හරිම ක්‍රියාශීලියි. ඒ වගේම නිරෝගීයි. මතක ඇති කාලෙක පැරසිටමෝල් පෙත්තක්වත් බීලා නැහැ. මගේ බලාපොරොත්තුව අවුරුදු 60 වෙනකම් මේ පිංකම කරන්න'' යනුවෙන් උපුල් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය.
මේ අතර රුධිරය පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් පවතින දුර්මත ගැන ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ විස්තර කළේය.