යුද්ධය අවසන් වී වසර 14 යි : දෙමළ ජනයා සිහි කිරීමේ දී ඇති වූ බාධා කිරීම් නිසා බොරැල්ල උණුසුම් වෙයි
යුද්ධයෙන් මියගිය දෙමළ ජනයා සිහිකිරීම සඳහා කොළඹ, බොරැල්ල කනත්ත ඉදිරිපිට පැවති වැඩසටහනකට තවත් පිරිසක් බාධා කිරීමත් සමග අද (මැයි 18) උණුසුම් තත්ත්වයක් ඇති විය.
විරෝධතා පුවරු රැගෙන එම ස්ථානයට පැමිණි පිරිසක් එය 'කොටි සමරුමක්' ලෙස පැවසුහ.
ඒ අවස්ථාවේ දී දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
පසුව කැරලි මර්දන කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ද එම ස්ථානයට කැඳවා තිබූ අතර දෙපිරිස විසුරුවා හැරීමට ඔවුහු ක්‍රියා කළහ.


