ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බලය බෙදීම : 'ෆෙඩරල් කියන වචනයම අපිට ඕනා නැහැ. අපිට ඕනා වැඩි බලයක්'
මේ වසරේ මැයි 18 වැනිදාට මෙරට පැවතී ආයුධ සන්නද්ධ යුද්ධය නිමා වී වසර දාහතරක් සම්පූර්ණ වේ.
එම ගැටලුවට එක් දේශපාලනික විසඳුමක් ලෙස එවකට බලය බෙදීම සඳහා 1987 දී 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙන ලදී.
මේ වන විට සියලු පළාත් සභාවල ධුර කාලය අවසන් වුව ද මැතිවරණ නොපැවැත්වීම නිසා මහජන නියෝජිතයන් ගෙන් තොරව ඒවා ක්‍රියාත්මක වේ.
දෙමළ ජනතාව ඉල්ලා සිටි බලය බෙදීම මේ වන විට ඔවුන්ට ලැබී තිබේද? උතුරේ සාමාන්‍ය ජනයා බලය බෙදීම සහ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දරණ අදහස කුමක්දැයි යුද්ධය අවසන්ව වසර 14 ගෙවෙන මොහොත අභියස BBC සිංහල සේවය විමසා බලන ලදී.