ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව උතුරු හා නැගෙනහිර හර්තාල්
ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව උතුරු හා නැගෙනහිර පළාත්වල අද (අප්‍රේල් 25) හර්තාලයක් ක්‍රියාත්මක වේ.
එය සංවිධාන කර තිබෙන්නේ දෙමළ දේශපාලන පක්ෂ විසිනි.
වවුනියාව සහ යාපනය නගරවල කඩසාප්පු වසාදමා තිබේ. අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය නතර කර ඇති අතර පාසල්වලට ගුරුවරු සහ ළමුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව වාර්තා වේ.
නගරවල මෙම හර්තාලය ක්‍රියාත්මක වුව ද උතුරු හා නැගෙනහිර පළාත්වල නගරවලින් බැහැර ප්‍රදේශවල කඩ සාප්පු විවෘතව පවතී.
මෙම පනත් කෙටුම්පතට පාර්ශව රැසකගේ විරෝධය එල්ල වී තිබේ.
ප්‍රතිත්‍රස්ත පනත තමා හෝ ආණ්ඩුව වෙනුවෙන් ගෙනෙන පනතක් නොව රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙනඑන පනතක් බව අධිකරණ, බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී පැවසීය.