ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කඳුළු ගෑස් :'වෙනත් රටකටවත් නොගහන කඳුළු ගෑස් රටේ පුරවැසියන්ට ගහන්නේ ඇයි'?
වෙනත් රටක හමුදාවකට හෝ එල්ල නොකරන බවට ශ්‍රී ලංකාව සහතික වී ඇති කඳුළු ගෑස් රටේ පුරවැසියන්ට එරෙහිව භාවිත කිරීම කණගාටුදායක බව නීතිඥ සුරේන් ඩී පෙරේරා BBC සිංහල සේවයට පැවසුවේය.
පොලීසිය කඳුළු ගෑස් එල්ල කිරීමට එරෙහිව දැනටමත් මානව කොමිසමට ද පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඉදිරියේදී ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොලීසිය කල් ඉකුත් වී ඇති කඳුළු ගෑස් භාවිත කරන බවත්, ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට පටහැනිව ඒවා භාවිත කරන බවත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේය.