ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කඳුළු ගෑස්; අධිපීඩක ජල ප්‍රහාර නොතකා ජනතාව ජනපති මන්දිරයට ඇතුල්වෙයි
දහස් ගණනක් වූ අද උදෑසන සිට කොළඹට පැමිණි ජනතාව කඳුළු ගෑස්; අධිපීඩක ජල ප්‍රහාර හා මාර්ග බාධක බිඳ දමමින් ජනපති මන්දිරයට ඇතුලු විය .
පොලිසිය කිහිප විටක් කඳුළු ගෑස්; අධිපීඩක ජල ප්‍රහාර එල්ල කර ජනපති ගෝඨාභය රාජපක්ෂ ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පැවැත්වූ විරෝධතා මැඩපැවැත්වීමට කටයුතු කළත් එය බිඳ දමමින් දහස් සංඛ්‍යාත ජනතාවක් ජනපති මන්දිරය අවට පනවා තිබූ මාර්ග බාධක බිඳදමමින් ජනපති මන්දිරයට ඇතුල්විය.
මේ වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ද ඇතුලත්ව 33 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවයට පැවසිය.