පාස්කු ප්‍රහාරය : අප්‍රේල් 21 කොච්චිකඩේ සිට කටුවාපිටියට ජන පවුරක්
පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් පිරෙන ලබන 21 වැනිදා කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා මීගමුව - කොළඹ මාර්ගයේ දෙපස ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
එදින පෙරවරු 8.00 සිට 9.00 දක්වා එම සාමකාමී රෝධතාවය පැවැත්වේ.
ඒ සඳහා ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව එක්වන ලෙස සියලු දෙනාට ආරාධනය කරන බව ද උන්වහන්සේ පැවසූහ.


