පළාත් පාලන මැතිවරණය 2023 : හෙට තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිසම කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, පළාත් පාලන මැතිවරණය 2023 : ''හෙට තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන්නේ නෑ කිවුවා.''

මාර්තු 09 වැනිදා පැවැත් වීමට සැලසුම් කළ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුක් කිරීම හෙට දිනයේදී (පෙබරවාරි 15) සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කරන ලදී.

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් තොර, නොවැළැක්විය හැකි හේතුවක් මත එම තීරණය ගැනීමට සිදු වූ බව අදාළ නිවේදනයේ දැක්වේ.

මුදල් ගෙවීමකින් තොරව පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බවට රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු ඇති වී තිබෙන තත්ත්වය ගැන මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද (පෙබරවාරි 14 ) කොළඹ දී පැවැත්වුණි.

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි මසකට පෙර ගේනවා ඇති බවත්, රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය සහ නීතිපතිවරයා මැතිවරණ කොමිසමට අවශ්‍ය සහය නොදෙන බවත් සාකච්ඡාවෙන් පසු පක්ෂ ලේකම්වරු පැවසුහ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ බංකොලොත් රාජ්‍යක් රනිල් වික්‍රමසිංහට භාර දී ඔහුගෙන් මුදල් ඉල්ලීම නිවැරදි නොවන බවයි.