ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චීනයේ සහ ඉන්දියාවේ බල අරගලයට මැදි වූ ශ්‍රී ලංකාවේ අනාගතය කෙබඳු වෙයි ද?
21 වන සියවසේ විශාලම භූ දේශපාලන බල එදිරිවාදිකම්වලින් එකක් වන චීනය සහ ඉන්දියාව අතර බල අරගලය හේතූවෙන් ශ්‍රී ලංකාවේ ආසන්නම අනාගතය සහ නැවත යථා තත්වයට පත්වීම අවහිරව තිබෙන ආකාරය පිළිබඳව BBC නිවුස් නයිට් වැඩසටහනේ අවදානයට ලක්විය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ චීනය සහ ඉන්දියාව විසින් ක්‍රියාත්මක කොට ඇති ආයෝජන ව්‍යාපෘති වල සැබෑ ස්වරූපය සහ ආර්ථික අර්බුදයේ පත්ලටම ගිලි සිටින ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපකාර ලබාගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහ ගතකිරීමට ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන් සිටින ඉක්මන් සහයෝගය නොලැබීමේ බරපතල බවද මෙහිදී මතු කෙරේ.
එමෙන්ම රටේ පවතින තත්ත්වය හමුවේ කුසලතා සහිත ශ්‍රී ලාංකිකයින් වෙනත් රටවලට සංක්‍රමණය වීමෙන් කෙටි කාලීන ප්‍රතිලාභ ලැබිය හැකි වුවත්, දීර්ඝ කාලීනව ඇති වන බලපෑම් බරපතළ බවද මෙමගින් පෙන්වා දෙයි.