2023 අයවැයට පදනම් වන IMF ගිවිසුම තවමත් හෙළි කළ නොහැකි බව ජනාධිපති කියයි
Published
2023 අයවැය සකස් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ලබාදුන් ඉලක්ක ඉටුකර ගැනීමේ අරමුණ පදනම් කරගෙන බවත්, සාකච්ඡා අවසන්වන තෙක් ගිවිසුම හෙළි නොකරන ලෙස IMF දැනුම් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (නොවැම්බර් 10) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
අයවැය ඉදිරිපත් කිරීමට පෙර IMF සමග අත්සන් කළ ගිවිසුම සභාගත කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ලබන සඳුදා (නොවැම්බර් 14) මුදල් අමාත්‍යවරයා විසින් අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



