අධ්‍යාපනය : 'ගුරු දෙවිවරු ඇත්තටම අපේ ඉස්කෝලේ ඉන්නවා'
Published
අම්පාර, පොල්වත්ත මහා විද්‍යාලයයේ උසස් පෙළ දරුවන්ට රාත්‍රී 7.00 සිට අලුයම 1.00 දක්වා පාසලේ දී අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ.
විදුහල්පතිවරයාගේ නිල නිවාසයේ සහ ගුරුවරියකගේ නිවසේ දිනපතා රාත්‍රී කාලයේ දී දරුවෝ නවාතැන් ගනිති.
දරුවන්ගේ ලෝකය යහපත් කිරීමට දෙමව්පියන්ගේ සහාය මත ගුරු මණ්ඩලය සමග එක්ව මේ කටයුත්ත සිදු කරන බව අම්පාර, පොල්වත්ත මහා විද්‍යාලයයේ විදුහල්පති එච්. එම්. සිසිර කුමාර BBCයට පැවසුවේ ය.

