අධ්‍යාපනය: නිදහස් අධ්‍යාපනයේ 'ණය ගෙවන්න' නොමිලේ උපකාරක පංති පවත්වන ගුරුවරයෙකුගේ 'සිහිනය'
තමන් ලද නිදහස් අධ්‍යාපනයේ 'ණය ගෙවීම' සඳහා දරුවන්ට නොමිලේ උපකාරක පංති පවත්වන නලින්ද ප්‍රගීත් දයාරත්න නමැති ගුරුවරයෙකු ගැන අකුරැස්ස, ඕපාත ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
ගාල්ල, මිල්ලව ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු වන ඔහු, දරුවන්ට පාසලින් ලැබෙන 'ගෙදර වැඩ' සිය නිවසට පැමිණ සම්පුර්ණ කර ගැනීම සඳහා ද දිනපතා සවස් කාලයේ පැය දෙකක් වෙන්කර ඇත.
දැඩි දුෂ්කරතා මැද අධ්‍යාපනය ලද තමන් 1996 දී කොළඹ දිස්ත්‍රික්කයෙන් 14 වැනි ස්ථානය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ බවත්, රටට වැඩදායි දෙයක් ඉතිරි කර මිය යායුතු බැවින් බිරිඳ සමග එක්ව මේ සද් කාර්ය ඉටු කරන බවත් නලින්ද ප්‍රගීත් දයාරත්න ගුරුතුමා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
ඔහු සිය නිවසේ තාරකා විද්‍යා සංගමයක් මෙන්ම සාහිත්‍ය සංගමයක් ද පවත්වාගෙන යයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මිතුරන් ඇතුළු කිහිප දෙනෙකු ඒ සඳහා උපකාර කරන බව ද ඔහු කියා සිටියේය.
මේ ගැනත් දැනගන්න:
නිෂ්පාදනය / පටිගත කිරීම / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර
