ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමතිගේ දුකත් ගොවින්ට: 'ලූනු ගොවියාට වෙන්න ඕන දේ වෙලා ඉවරයි'
මාතලේ, අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ වී ඇති අතර ආනයනික ලොකු ලූනු වෙළඳ පොළට නිකුත් කිරීම පාලනයට රජය කිසිඳු පියවරක් ගෙන නැතැයි ගොවීහු චෝදනා කරති.
ගොවීන් පවසන්නේ ලූනු කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 180ක් පමණ වන බවයි.
එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ගොවීන්ගෙන් දේශීය ලොකු ලූනු කිලෝවක් මිලදී ගනු ලබන්නේ රුපියල් 30-110ත් අතර මුදලකට බව බීබීසීය කළ සොයා බැලීමකදී අනාවරණය විය.
පොහොර හිඟය සහ පොහොර මිල ඉහළ යෑම, වර්ෂාවෙන් වගා හානි සිදුවීම ඇතුලු ගැටලු ගණනාවකින් පීඩා විඳින ගොවීන් අවසානයේදී සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි වීමත් සමඟ වගා බිමෙන් ඈත් වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.