කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය : 'අපි ආවේ අවුරුදු හතරක් තිස්සේ හොයපු ලේඛිකාව හොයාගෙන'
ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සටින මොහොතක පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මේ වනවිට ලක්ෂ පහකට අධික පිරිසක් පැමිණි බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.
ලේඛකයන් සහ පාඨකයන් හමුවන, අන්තර් ජාලය ඔස්සේ හඳුනාගත් මිතුරුන් එකතුවන, නිදහස හා සතුට සොයන නව සංස්කෘතියක් මෙම පොත් ප්‍රදර්ශනය හරහා ගොඩනැගෙමින් පවතින බව එහිදී අප හමු වූ පිරිස් කියා සිටියහ.
මේ අතර ''අපි ආවේ අවුරුදු හතරක් තිස්සේ හොයපු ලේඛිකාව හොයාගෙන.'' යනුවෙන් ප්‍රදර්ශන භූමියේදී හමුවූ දුලාන්ජලී වර්ණකුලසූරිය සහ දුල්මිණි වර්ණකුලසූරිය බීබීසියට පැවසීය.
සිය ප්‍රියතම ලේඛිකාව හමුවීමටත් ඇගේ අත්සන සහිත පොතක් ලබාගෙන ඡායාරූපයක් ගැනීමටත් ඔවුන්ට හැකිවිය.
ඇතැම් විට පාඨකයන්ට අන්තර්ජාලය හරහා කෘති කියවීමේ පහසුව දැන් විවෘත වෙමින් ඇතත් තවමත් පාඨකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ මෙලෙස පොත් මිලදී ගෙන කියවීමට බව එහිදී අප සමඟ අදහස් දැක්වූ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කියා සිටියේය .
ප්‍රදර්ශනය ලබන ඉරිදා (සැප්තැම්බර් 25) දක්වා ව්වෘතව පවතියි.


