නෙළුම් කුලුන ගැන ජනතාව මොකද කියන්නේ ?: ''මම කොහොමද කුලුන උඩට ගිහින් ප්ලේන්ටියක් බොන්නේ ?''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''මම කොහොමද නෙළුම් කුලුන උඩට ගිහින් ප්ලේන්ටියක් බොන්නේ ?''

රුපියල් මිලියන 40,680ක් වැය කර ඉදි කෙරුණු නෙළුම් කුලුන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව බීබීසීයට අදහස් පළ කළහ.

නෙළුම් කුලුන ඊයේ (සැප්තැම්බර් 15) සිට ජනතාවට විවෘත කිරීම ගැන ඇතැමුන් සතුට පළ කරද්දී එය රටේ ගැටලු උග්‍ර කරන ණය උගුලක් බවත්, ඒ සඳහා වැය කළ මුදල ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට තිබූ බව බොහෝ දෙනෙකු පැවසුහ.

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන චීන ණය මත, චීන සමාගම් විසින් ඉදි කළ ද එය ශ්‍රී ලංකාව සතු වස්තුවක් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.