''නෙළුම් කුලුන 100%ක් විවෘත කරන්න තව මාස තුනක් විතර යයි.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''නෙළුම් කුලුන 100%ක් විවෘත කරන්න තව මාස තුනක් විතර යයි.''

නෙලුම් කුලුන අද ( සැප්තැම්බර් 15) ජනතාවට විවෘත කෙරුණ ද එය සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට තවත් මාස තුනක් පමණ ගතවෙන බව නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගමේ විධායක නිලධාරී ප්‍රසාද් සමරසිංහ පවසයි.

2019 දෙසැම්බර් 16 වන දින එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නෙළුම් කුලුන විවෘත කළද, මේ දක්වා ජනතාවට එය නැරඹීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.

නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන තනි පුද්ගලයෙකු රුපියල් 2000ක් ද, කණ්ඩායම් ලෙස පැමිණෙන විට රුපියල් 500ක් ද ගෙවා ප්‍රවේශ පත්‍ර ලබාගත යුතුයි.