ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදයේ දැඩි ආතතීන්ට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකිකයින් ආසියානු කුසලානයේ උද්දාමයෙන් පිරීගිය හැටි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (සැප්. 12) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථානය පරදා විස්සයි විස්ස ආසියානු කුසලානය දිනාගැනීමේ සතුට සැමරීමට බොහෝ දෙනා එක්ව සිටියහ.
කොළඹ, ගාලු මුවදොර පිටිය ඇතුළු ස්ථාන ගණනාවක පුළුල් තිර යොදා තිබූ අතර තරගය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියහ.
වසර අටකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර භානුක රාජපක්ෂ තරගයේ වීරයා ලෙසත්, වනිඳු හසරංග තරගාවලියේ වීරයා ලෙසත් සම්මාන හිමිකර ගත්හ.