''මම කැමැතියි මැරෙන්න කලින් ඡන්දය ඉල්ලා ජනතාවට සේවය කරන්න.''- රන්ජන්
මිය යෑමට පෙර ඡන්දය ඉල්ලා ජනතාවට සේවය කිරීම තමන්ගේ අපේක්ෂාව බව ජනපති සමාව ලද රන්ජන් රාමනායක පවසයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත 2021 ජනවාරි 12 වෙනිදා, බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණු ඔහු කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබා අද (අගෝස්තු 26) බන්ධනාගාරයෙන් පිටව ගියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මනූෂ නානායක්කාර ඇමතිවරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ. විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපතිධූරය රන්ජන්ට ලබා දෙන බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
තමන් විසින් කරන ලද ප්‍රකාශ සම්පුර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් සඳහන් කරමින් රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
