ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආර්ථික අර්බුදය:''මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.''
ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන හිඟය නිසා බොහෝ ධීවරයන් මුහුදු යෑමෙන් වැළකී සිටීමත් සමඟ මාළු මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
මේ ගැටලුවට වහාම විසඳුම් ලබාදෙන ලෙස ධීවරයෝ දිගින් දිගටම ඉල්ලා සිටිති.
''මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ.'' සහ ''ඉඩකඩන් උකස් තියන්න වෙනවා මාළු කෑල්ලක් කන්න.'' ආදී වශයෙන් මාළු මිලදී ගැනීමට අද (අගෝස්තු 24) මීගමුව මහලෙල්ලමට පැමිණ සිටි පිරිස BBCයට අදහස් දක්වමින් පැවසුහ.