ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇයි අවිහිංසාවාදී අරගලකරුවන් වෙනුවෙන් යොදා ගන්නේ?''-බහුජන සංවිධාන එකමුතුව
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නිරායුධ, අවිහිංසාවාදී අරගලකරුවන් වෙනුවෙන් යොදා ගන්නේ ඇයිදැයි බහුජන සංවිධාන එකමුතුව රජයෙන් ප්‍රශ්න කරති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන මර්දනකාරී පිළිවෙත වහා නතර කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් තවත් දැවැන්ත ජන අරගලයක් ඔහුට එරෙහිව ආරම්භ කරන බවත් බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කළහ.
අද (අගෝස්තු 23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කෙරුණි.