''ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඇයි අවිහිංසාවාදී අරගලකරුවන් වෙනුවෙන් යොදා ගන්නේ?''-බහුජන සංවිධාන එකමුතුව

වීඩියෝ ශීර්ෂ වැකිය, '' ත්‍රස්තවාදී පනත ඇයි අවිහිංසාවාදී අරගලකරුවන් වෙනුවෙන් යොදා ගන්නේ?''

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත නිරායුධ, අවිහිංසාවාදී අරගලකරුවන් වෙනුවෙන් යොදා ගන්නේ ඇයිදැයි බහුජන සංවිධාන එකමුතුව රජයෙන් ප්‍රශ්න කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන මර්දනකාරී පිළිවෙත වහා නතර කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් තවත් දැවැන්ත ජන අරගලයක් ඔහුට එරෙහිව ආරම්භ කරන බවත් බහුජන සංවිධාන එකමුතුව අවධාරණය කළහ.

අද (අගෝස්තු 23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළ කෙරුණි.