ත්‍රස්තවාදය වැළක්වීමේ පනතින් වසන්ත මුදලිගේ කොටු කිරීමේ උත්සාහයක් ගැන අන්තරේ කියයි
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, රැඳවුම් නියෝග මත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන්ත ජීවන්ත ගුණතිලක සිර කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
ජාත්‍යන්තරයේද අප්‍රසාදයට ලක්වන එවැනි දේ සිදු නොකරන ලෙසත් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනා නිදහස් කරන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
අගෝස්තු 18 වැනිදා කොළඹ පැවති විරෝධතාවයට සහභාගී වූ සරසවි සිසුන් සහ ක්‍රියාකාරීන් අතරින් 16 දෙනෙකු මේ වන විට ඇප මත නිදහස් කොට තිබේ.
