උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ උපවාසයට දින 2000 යි!

වීඩියෝ ශීර්ෂ වැකිය, උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අඛණ්ඩ උපවාසයට දින 2000 යි!

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ විරෝධතාවයට හා උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් අද( අගෝස්තු 12) කිලිනොච්චියේදී පැවැත්විණි.

කිලිනොච්චියේ කන්දසාමි කෝවිල ඉදිරිපසින් ආරම්භ කළ විරෝධතා පාගමන කිලිනොච්චි කනකපුර මංසන්ධියේ පිහිටි යුද හමුදා ස්මාරකය දක්වා පැමිණිහ.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ විරෝධතාවයට හා උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් අද( අගෝස්තු 12) කිලිනොච්චියේදී පැවැත්විණි.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පවසන්නේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් තමන් දින 2000 ක් විරෝධතාවයක නිරතවුවද කිසිදු රජයක් හරහා තමන්ගේ ගැටලු වෙනුවෙන් නිසි විසඳුමක් නොලැබුණ බවයි.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ විරෝධතාවයට හා උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් අද( අගෝස්තු 12) කිලිනොච්චියේදී පැවැත්විණි.
උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ විරෝධතාවයට හා උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් අද( අගෝස්තු 12) කිලිනොච්චියේදී පැවැත්විණි.

අවස්ථා ගණනාවකදී රජය විසින් අතුරුදහන්වූවන්ගේ ගැටලුව වෙනුවෙන් පිළිතුරු ලබාදෙන බවට ප්‍රකාශ කළද තමන්ගේ ගැටලුව වෙනුවෙන් මෙතෙක් පිළිතුරක් නොලැබීම කණගාටුවට කරුණක් වන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.

ජාත්‍යන්තරය මැදිහත්ව මේ වෙනුවෙන් සාධාරණ හා යුක්ති සහගත විසඳුම් ලබාදිය යුතු බව විරෝධතාවයට එක්වු ඥාතීහු ඉල්ලා සිටියහ.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ විරෝධතාවයට හා උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් අද( අගෝස්තු 12) කිලිනොච්චියේදී පැවැත්විණි.

කොවිඩ් සමයේදී පවා උපවාස ස්ථානයේ එක අයෙකු බැගින් රඳවා උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කටයුතු කොට ඇත.

යුද්ධය නිමා වි වසර 14 ක් ගතවීමෙන් පසුත් නොවිසඳි ඇති මෙම ගැටලුවට දේශීය යාත්‍රණයක් හරහා තවදුරටත් තමන් පිළිතුරක් අපේක්ෂා නොකරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හරහා මේ වෙනුවෙන් ස්ථිර විසඳුමක් ලබාදිය යුතු බවත් එහිදී ප්‍රකාශ කළහ.

ඒ අතර ආරක්ෂක අංශ විසින් අත්පත් කොට ඇති උතුරු නැගෙනහිර වැසියන්ගේ ඉඩම් නැවත නිදහස් කිරීම වැනි ඉල්ලීම් ගණනාවක්ද විය.

උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ විරෝධතාවයට හා උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් අද( අගෝස්තු 12) කිලිනොච්චියේදී පැවැත්විණි.

විරෝධතාවය වෙනුවෙන් උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සමඟ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්,ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ,අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍ය එක්නැළිගොඩ ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයින් ද එක්ව සිටියහ.