දළදා පෙරහැර:''මේ සැරේ දේවාලයකට වියදම ලක්ෂ 150ක් 200ක් විතර වෙයි. මාළිගාවට ඊට වැඩිවෙයි.''

වීඩියෝ ශීර්ෂ වැකිය, දළදා පෙරහැර ; ''දේවාලයකට වියදම ලක්ෂ 150ක් 200ක් වෙයි. මාළිගාවට ඊට වැඩිවෙයි.''
Published

ඓතිහාසික මහනුවර ඇසල මංගල්‍යයේ 2022 වසරේ අවසන් රන්දෝලි පෙරහැර අද පැවැත්වේ.

පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය නිසා මෙවර පෙරහැර නැරඹීමට ජනතාවට අවස්ථාව උදා වුණේ වසර තුනකට පසුවයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල සීග්‍ර ලෙස ඉහළ යෑම නිසා මෙවර පෙරහැර සඳහා වැයවන සාමාන්‍ය වියදම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි නාථ දේවාලයේ බස්නායක නිළමේ නීතිඥ ගයාන් හෂීල හීන්කෙන්ද BBCයට පැවසුවේය.