ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''අපි හෙට යන්නේ නෑ...පොලිස් නියෝගයට අපි යටත් වෙන්නේ නෑ.''-ගාලු මුවදොර අරගලකරුවන්
පොලීසිය කළ නියෝගයට අනුව කොළඹ ගාලු මුවදොර පිටියෙන් හෙට පස්වරු පහට පෙර ඉවත් නොවන බව අරගලකරුවෝ අද (අගෝස්තු 04) අවධාරණය කළහ.
පොලීසියට එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලයක් නොමැති අතර ඊට එරෙහිව අභියාචනාධිකරණයේ පිහිට පතන බව ද ඔවුහු පැවසුහ.
කොළඹ ගාලු මුවදොර පිටියට ඒ අවට නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියේ ඉදිකිරීම් සහ වගාවන් අගෝස්තු 05 වැනි වැනිදා පස්වරු පහට පෙර ඉවත් කළ යුතු බවට පොලීසිය ඊයේ අරගලකරුවන්ට දැනුම්දෙන ලදී.