ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
''තරුණ පරපුරේ බහුතරයක් මගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය බව පිළිගැනිම සතුටක්" ජනපති රනිල් කියයි
තරුණ පරපුරේ බහුතරයක් තමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයෑම අවශ්‍ය බව පිළිගෙන ක්‍රියා කිරීම සතුටට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (අගෝස්තු 03) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
තමා ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට ඉඩ නොදෙන බවත් අවිහිසවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවත් ඔහු පැවසුවේ අරගලකරුවන් ගැන ද සිහිපත් කරමිනි.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අද පාර්ලිමේන්තුවේදී සිදුවිය.
එහිදී රටේ වර්තමාන ගැටලු වලට විසඳුම් සෙවීම, ජාත්‍යන්තර සබඳතා ගොඩනැගීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන ද ජනාධිපතිවරයා අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවති අතර ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි නොපැවැත් වුණි. ඒ වෙනුවට පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමුණි.
අද දින ජනාධිපති ධජය එසවීමක් සිදු නොවුන අතර ජාතික ධජය පමණක් එසවීමට සැලසුම් කර තිබුණි. එමෙන්ම සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දැරූ නමුත් ඔහුගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයකි.