ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාලගුණය: අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ තිදෙනෙකු මිය යයි;තවත් පස්දෙනෙකු අතුරුදන්
නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ. තවත් පස් දෙනෙකු අතුරුදන්ව ඇත.
නාවලපිටිය, කැටබුලාව පාලම මතින් ගමන් කරමින් සිටියදී ජල පහරට හසුවූ කාන්තාවන් දෙදෙනා සහ අනෙක් පුද්ගලයා ද මෙතෙක් හමුවී නැතැයි වාර්තා වේ.
නිරිතදිග මෝසම සක්‍රීය වීම නිසා මෙම කාලගුණික වෙනස්කම් දක්නට ලැබෙන අතර එය තවත් දින දෙකක් පමණ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක බීබීසී සිංහල සේවයට පැවසුවේය.