ඉරාකය:විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව වැටලුවේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, ජුලි 27 බදාදා බැග්ඩෑඩ් හි ඉරාක පාර්ලිමේන්තුවට විරෝධතාකරුවන් කඩා වැදුණු ආකාරය

ඉරාකයේ මුක්ටාඩා අල් සදාර් ආධාරකරුවෝ පසුගිය ජුලි 27 වනදා එරට බෑග්ඩෑඩ් පාර්ලිමේන්තුව වැටලුහ.

එහිදී විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ් හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි ඉරාක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණි.

මුක්ටාඩා අල් සදාර්ගේ ආධාරකරුවන් එරට අගමැති ලෙස ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීම ඊට හේතු වී ඇත.

සදාර්ගේ දේශපාලන සන්ධානය පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත් නමුත්, ඡන්දයෙන් පසු ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් බලය අහිමි විය.

පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ. එම අවස්ථාවේ කිසිදු මන්ත්‍රීවරයෙක් පරිශ්‍රයේ සිට නැත.

මෙම කණ්ඩායම ඇතුළුව තිබුණේ තානාපති කාර්යාල ඇතුලු අගනගරයේ වැදගත්ම ගොඩනැගිලි ගණනාවකට නිවහන වූ බැග්ඩෑඩ් හි අධි ආරක්‍ෂිත කලාපයටයයි.

ආරක්ෂක අංශ AFP ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණේ ආරක්ෂක හමුදා මුලදී අනවසරයෙන් ඇතුළු වූවන් නැවැත්වූ නමුත් පසුව ඔවුන් "පාර්ලිමේන්තුවට කඩා වැදුණු" බවයි.

ගීත ගායනා කරමින්, නටමින් සහ මේස මත වැතිර සිටි විරෝධතාකරුවන්ගෙන් ඉරාකයේ වත්මන් අගමැති මුස්තෆා අල් කධීමි ඉල්ලා සිටියේ ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසයි.ඉරාකයේ මුක්ටාඩා අල් සදාර් ආධාරකරුවෝ එරට බෑග්ඩෑඩ් පාර්ලිමේන්තුව වැටලුහ.

Several male protesters climb a wall while facing water cannon

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ ජල ප්‍රහාර එල්ල කළේය
A supporter of the Iraqi cleric Moqtada al-Sadr lies on the desk of the speaker of the Iraqi parliament

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක් විරෝධතාකරුවෙකු ඉරාක පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මේසය මත වැතිර සිටිනු දක්නට ලැබිණි

මාස නවයක් පුරා විසඳුම් රහිතව පැවති උද්ඝෝෂණයක තවත් අංගයක් ලෙස මෙය සිදුවිය. මෙතෙක් කාලයක් පුරාවට රටේ විවිධ දේශපාලන කණ්ඩායම් අතර ඇති වූ ආරවුල් නිසා නව රජයක් නිර්මාණය වීම පමා වී ඇත.

ඉරාකයේ අභ්‍යන්තර කටයුතු වෙත එක්සත් ජනපදයේ සහ ඉරානයේ බලපෑම නැවැත්වීමට ෂියා පූජකයෙකු හා සරෙවෝන් ජනතා ව්‍යාපාරයෙන් පැමිණ ඔක්තෝබර් මැතිවරණයෙන් ජය ලැබූ සදාර්ට අවශ්‍ය වී තිබේ.

නමුත් එතැන් සිට නිසි පාලන තන්ත්‍රයක් ‍ගොඩනැගීම අපහසු වී ඇත්තේ සදාර් ප්‍රතිවාදීන් සමඟ වැඩ කිරීම ප්‍රතික්ෂේප කර ඇති හෙයිනි.

ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් මොහොමඩ් අල්-සුඩානිගේ අගමැති අපේක්ෂකත්වයට විරුද්ධ වී ඇත්තේ ඔහු ඉරානයට ඕනෑවට වඩා සමීප යැයි ඔවුන් විශ්වාස කරන බැවිනි.

A row of police officers holding riot shields

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වැදීමට පෙර පොලිසිය විරෝධතාව නවතා දැමූ බව මුලින් පැවසේ

මම සිදුවීම ඉරාකය ඛනිජ තෙල් වලින් පොහොසත් තත්ත්වයක තිබියදී පවා එරට මුහුණ දෙන බහුවිධ අර්බුද පිළිබඳ මතක් කිරීමකි

දූෂණය, විරැකියාව සහ රාජ්‍ය සේවයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජන කෝපය මධ්‍යයේ 2019 දී මහජන විරෝධතා හරහා පුපුරා ගියේය.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව එකල ආරක්ෂක හමුදා විසින් සිය ගණනක් වූ මිනිසුන් මරා දමා තිබේ .

2016 වසරේ ඇති වූ නොසන්සුන්තාව අතරතුරද සදර්ගේ ආධාරකරුවන් පාර්ලිමේන්තු කඩාවැඳීමක් කළහ.

ඉකුත් ජුලි 27 වනදා ඉරාකයේ එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලය කියා සිටියේ විරෝධතාකරුවන්ට ඔවුන්ගේ ක්‍රියාවන් සාමකාමී සහ නීත්‍යානුකූලව පවතින තාක් කල් - විරෝධතා දැක්වීමට අයිතියක් ඇති බවයි.