ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සජිත් අගමැති කරන්න සුදානම් බව පොහොට්ටුවේ සභාපති ජී.එල්.පීරිස් කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිවරයා කිරීමට කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් බීබීසීයට පැවසුවේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ නාමයෝජනා අද (ජූලි 19) පාර්ලිමේන්තුවේදී කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන ලද්දේ සජිත් ප්‍රේමදාස විසිනි. මහාචාර්ය ජී.එල් පීරිස් එම යෝජනාව ස්ථිර කළේය.
ඩලස් අලහපෙරුම ජනාධිපති කර සජිත් ප්‍රේමදාස අගමැති කිරීමේ සැලැස්මක් මේ වනවිට ක්‍රියාත්මක වේ දැයි යන්න බොහෝ දෙනාගේ ද කුකුසයි.
එමෙන්ම මහාචාර්ය ජී.එල් පීරිස් සභාපතීත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කිරීම සඳහාද ක්‍රියා කරමින් සිටී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කිරීමෙන් බොහෝ මන්ත්‍රීවරු වැළකී සිටියහ.