ගෝඨාභය රාජපක්ෂ: ජනපති රටින් පිටව යයි,ධුරයේ රාජකාරී අගමැතිට

ජනපති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජූලි 9 වැනිදා පැවති මහජන උද්ඝෝෂණ හමුවේ ජනපති මන්දිරයෙන් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (ජූලි 13) අළුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇති බවට බීබීසී සිංහල සේවයට වාර්තා වෙයි.

ඒ අනුව ජනාධිපතිවරයා මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට බිබිසිය වෙත වාර්තා වේ.

මෙරටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ලඟාවී ඇති අතර එහිදී දැඩි ආරක්ෂක රැකවල් මත ගුවන් තොටුපලින්‍ ඔහුව පිටතට රැගෙන යන අයුරු බවට දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල පළව තිබේ.

බලධාරීන් පවසන්නේ, ජූලි 12 වැනිදා රාත්‍රියේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිද අයෝමා හා තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ජූලි 09 වැනිදා නිවේදනය කළේ අද (ජූලි 13 වැනිදා) ජනපතිවරයා ඉල්ලා අස්වන බවටතමන්ට දැනුම් දී ඇති බවයි. ඒ අනුව අරගලකරුවන් මෙන්ම ජනතාව ද ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවෙයි. සැබවින්ම ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ අද තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරයි ද යන්න තවමත් අවිනිශ්චිතය.

මෙයට පෙර ජනාධිපතිවරයා රටින් බැහැර වීමට උත්සහ කළ බවට අවස්ථා කිහිපයක්දී වාර්තා වී තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත අනාවරණය කළේය.

අරගලකරුවන් අවධාරණය කළේ ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අද දින ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

ධුරය දැරීමට අගමැතිවරයාට ජනවරමක් නැතැයි අරගලකරුවෝ අවධාරණය කරති.

සිය පවුලේ සාමාජිකයින් ආරක්ෂිතව රටින් පිටවීමකින් තොරව ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්නොවනු ඇති බවට මීට පෙර වාර්තා පළ වුවත් කතානායකවරයා හෝ වෙනත් කිසිදු පාර්ශවයක් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් කර නොතිබුණි.

ජනපතිට ගුවන් යානයක් දුන් බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨභය රාජපක්ෂට සිය බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනෙකු සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට මාලදිවයින බලා පිටත්ව යාමට පවතින රජයේ ඉල්ලීමට අනුව, ගුවන් හමුදාවේ යානයක් අද අලුයම ලබා දුන් බව ගුවන් හමුදාව විසින් නිවේදනයක් මේ වන විට නිකුත් කොට තිබේ.

එම ලිපියේ ගුවන් හමුදාව විසින් සඳහන් කොට ඇත්තේ , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනපති වරයෙකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති ආගමන විගමන, රේගු සහ අනෙකුත් සියලුම නීතිවලට යටත්ව, ජනාධිපතිවරයා සහ එම මැතිණිය සමඟ ආරක්ෂකයන් දෙදෙනෙකු හට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ ගුවන් යානයක් 2022 ජූලි මස 13 වන දින අළුයම ලබා දුන් බවයි.

ගුවන් හමුදාව

ගෝඨාභයට සහ බැසිල්ට පහසුකම් සැපයුවේ නැහැ... ඉන්දියාව කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සංචාර සඳහා ඉන්දියාව පහසුකම් සැලසූ බවට පළවන වාර්තා පදනම් විරහිත බවත් එම මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය නිකුත් කොට තිබේ.

ස්ථාපිතව පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවස්ථාපිත රාමුව හරහා අභිවෘධිය සහ ප්‍රගතිය ළඟා කරගැනීමේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දරන ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාව අඛණ්ඩව සහාය දෙන බවද කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එහිදී අවධාරණය කොට තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

අගමැතිවරයා වැඩබලන ජනාධිපති ධුරයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස බස්නාහිර පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ද, දිවයින පුරා හදිසි නීතිය ද පැනවීමට නියෝග කර ඇතැ යි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.

නොසන්සුන්කාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් ගමන් ගන්නා ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝග කර ඇතැ යි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

ධුරයේ රාජකාරී ආවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කළ බව දැනුම් දී ඇතිබව කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කරයි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (1) වගන්තිය යටතේ, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ කටයුතු, රාජකාරි ආවරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ බව මට දන්වා සිටියා," ඔහු නිවේදනය කළේ ය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

අද දින ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනපති දැනුම්දුන් බවටප්‍රකාශයක්

අද (13) දින ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ සම්බන්ධයෙන් වන නිල ලිපිය අද දින තමාට ලැබීමට සලස්වන්න බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන් බව කතානායකවරයා පැවසීය.

ජුලි 20 වැනි දින නව ජනාධිපතිවරයෙකු තොරාපත් කර ගැනීමේ කටයුතු පර්ලිමේන්තුව තුළ සිදුවන බවද ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳ සැකයක් තබා නොගන්නා ලෙසත් සාමාකාමීව කටයුතු කරන ලෙසත් කතානායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.