බැසිල් රටින් පිටවුනාද? අද අලුයම කටුනායක ගුවන් තොටුපළේදී බැසිල්ට මොකද වුණේ ?

බැසිල් රටින් පිටවුනාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා "සේද මාවත" (Silk Route) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් අද (ජූලි 12 වැනිදා) අලුයම 12.00 සිට ආගමන නිලධාරීන් ඉවත්ව තිබේ.

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල පැවසුවේ නැවත දැනුම් දෙන තුරු තමන් එහි සේවා වලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (12) අලුයම විදෙස් ගතවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුට ගුවන් මගීන්ගෙන් සහ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් එල්ලවූ දැඩි විරෝධය නිසා ගුවන් තොටුපොළෙන් යළි හැරී යාමට සිදුවූ බව වාර්තා වෙයි.

ආගමන විගමන නිලධාරීන් පැවසුවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට සේද මාවත පර්යන්තයෙන් පිටත්ව යෑමට තමන් සේවා ලබා නොදුන් බවයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර, අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් එහි සේවා වලින් ඉවත් වීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මීට පෙර ඉකුත් ජුනි මස 06 වන දින සිට ජුනි මස 20 වනදා දක්වා ශ්‍රී ලංකාව තුළ පැවති හර්තාල් සමය තුළ ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ (V.I.P.Lounge) සහ සේද මාවත (Silk Route) රාජකාරී කටයුතු වලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් වී සිටීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්

බැසිල්ගෙන් පිළිතුරක් නෑ

මෙම සිදුවීම සම්බන්ධව විමසීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට බීබිසිය කිහිපවරක් උත්සහ කළද,එය ව්‍යර්ථ විය.

කෙසේවෙතත් එම සිදුවීම සත්‍ය බවට තම නම සඳහන් කිරීමට අකමැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙකු අද උදෑසන අප කළ විමසීමකදී බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

මේ අතර ඒ මොහොතේ කටුනායක ගුවන් තොටුපළ මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගීන් මෙම සිදුවීමට අදාළව දක්වා තිබු උණුසුම් ප්‍රතිචාර මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2