ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මගේ ලොකුම ධනය, වස්තුව වුණේ මගේ පුස්තකාලය"
අද (11) සවස විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියාසිටියේ පසුගිය 9 වන දින රාත්‍රියේදී කොළඹ 7 පස්වන පටුමගේ පිහිටි තම පෞද්ගලික නිවසට කළ ගිනි තැබීම හේතුවෙන් තමන්ට තිබුණු විශාලම ධනය වන තම පුස්තකාලය හා එකම නිවස විනාශ වී ඇති බවයි.
තමන් සතු පුස්තකාලයේ තිබු 2500කට අධික වු ඉතා වටිනා පොත් සහ ඉතා පැරණි කලා කෘති තමන් පාසල්, විශ්වවිද්‍යාල සහ වෙනත් අධ්‍යන ආයතන වෙත පරිත්‍යාග කිරීමට බලාපොරොතුවෙන් සිටි බවත් මේ වන විට ඒවා සියල්ලක්ම පාහේ විනාශ වී ඇති බවත් හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේය.
මෙලෙස හැසිරිය හැක්කේ හිට්ලර්වාදී ච්න්තනයන් ඇති අයට බවත් හෙතෙම කියා සිටියේය.
එසේම රටේ පවතින දුර්වල ආර්ථික තත්ත්වය හමුවේ පවතින තත්වය ඉතා ඉක්මනින් විසඳිය හැකි අර්බුදයක් නොවන බවත්, තමන් ජනතාවගේ දුක හොඳින් හඳුනාගනිමින් මෙම වගකීම ගැනීමට පෙරට ආ බවත් මෙහිදී ප්‍රකාශ කළේය.