අන්තරේට කඳුළු ගෑස් : "අපි උඹලට බෝධි පුජා තිබ්බ"

වීඩියෝ ශීර්ෂ වැකිය, අන්තරේට කඳුළු ගෑස් : "අපි උඹලට බෝධි පුජා තිබ්බ"

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් විය යුතු බවට සහ අත්අඩංගුවේ සිටින අරගලකරුවන් නිදහස් කළ යුතු බවට බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද ජුනි 8 කැලණියේ සිට කොළඹ බලා පැමිණි විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

ජූලි 09 වැනිදා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වීමට නියමිතව තිබියදී පොලිස් මූලස්ථානය (ජූලි 08) රාත්‍රී 9 සිට නැවත දැනුම් දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7ක සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, ගල්කිස්ස, නුගේගොඩ, කැලණිය සහ මිගමුව පොලිස් කොට්ඨාසවල නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් ජාතික විරෝධතා දිනයක් ලෙස හෙට කොළඹ කේන්ද්‍ර කරගෙන විරෝධතා සංවිධානය කෙරෙන පසුබිමක පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.