ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අධ්‍යාපනය ; ''බස් එකේ ඉස්කෝලේ යන්න දවසකට රුපියල් 600ක් විතර ඕනා.''
ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා මන්නාරම, මුල්ලිකුලම ගම්මානයේ දරුවන් පාසල් හැරයාමේ තත්ත්වයක් මතුව ඇතැයි මවුපියෝ පවසති.
ගමේ පාසලට යෑමට සහ ආපසු ඒමට 10Km පමණ දුරක් පවතින අතර ඒ සඳහා බස් රථයක් නොමැතිවීම එක් ගැටලුවකි. එමෙන්ම එම පාසලේ අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන්නේ පළමු ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා පමණි.
ඉන් අනතුරුව දරුවන්ට 50Km පමණ දුරක් ගෙවාගෙන මුරුන්කන් මධ්‍ය විද්‍යාලය වෙත යෑමට සිදුවන අතර ඒ සඳහා දිනකට රුපියල් 600ක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබේ.
එමෙන්ම ධීවර රැකියාවට ද නාවික හමුදාවෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් බාධා සිදුවන අතර පොහොර හිඟය, මේ දිනවල ඇති ඉන්ධන හිඟය නිසා කෘෂිකර්මාන්තයේ නියැලීමට ද නොහැකි බව මුල්ලිකුලම් ගම්මානයේ වැසියෝ බීබීසීයට පැවසූහ.