LGBTQI ප්‍රජාව ; ''අපිට සැබෑ අයිතියක් තියෙනවා රටේ ප්‍රශ්න ගැන කතා කරන්න.''

වීඩියෝ ශීර්ෂ වැකිය, LGBTQI ; ''අපිට සැබෑ අයිතියක් තියෙනවා රටේ ප්‍රශ්න ගැන කතා ක

රාජපක්ෂ රෙජීමය රටේ අන් ජන කොටස් මෙන්ම LGBTQI ප්‍රජාව ද පීඩාවට පත්කළ අතර දැනට පවතින ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳිය නොහැකි නිසා නව නායකත්වයක් අපේක්ෂා කරන බව LGBTQI ප්‍රජාව පවසති.

රටේ ප්‍රශ්න ගැන කතා කිරීමේ අයිතියක් තමන්ට ද ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

LGBTQI ප්‍රජාව සංවිධානය කළ සමාභිමානි පෙළහර (pride-parade ) ජුනි 24 වැනිදා කොළඹ, කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සිට ගාලු මුවදොර අරගල භූමිය දක්වා ගමන් කරන ලදී.