සමරිසි දේදුනු ධජය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ

Pride March in London

සමලිංගික අයිතිය වෙනුවෙන් ලන්ඩනයේ පැවැත්වෙන 'ලන්ඩන් අභිමානය' පා ගමනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් වී සිටිති.

වාර්ෂිකව පැවැත්වෙන 'ලන්ඩන් අභිමානය' පාගමන මෙවර පැවැත්වෙන්නේ හතළිස් තුන් වන වරටයි.

එක්සත් ජනපදයේ ඕලන්ඩෝ නගරයේ සමරිසි සමාජ ශාලාවට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ පිරිස සිහි කිරීම සඳහා පා ගමන්කරුවෝ වසින් මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිතයි.

පා ගමනට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබේ.

Pride March in London

පළමු වරට, රාජකීය ගුවන් හමුදාවේ 'Red Arrows' සංදර්ශන ගුවන් යානා පෙළ පා ගමනට ඉහළින් පියාසර කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ සමරිසි දේදුනු ධජයක් ලෙළ දෙනු පෙනේ.

Met Police officers taking part in the parade

ඡායාරූප මූලාශ්‍රය, @MetLGBTNetwork

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර පා ගමනට එක් වූ ලන්ඩන් නාගරික පොලිසිය
Rainbow flag at Parliament

ඡායාරූප මූලාශ්‍රය, UK Parliament/JESSICA TAYLOR

ඡායාරූප ශීර්ෂ වැකිය, සමරිසි දේදුනු ධජ ලන්ඩනය පුරා