ශ්‍රී ලංකාව ; ''බිරිඳ හැකියාවක් දක්වන රැකියාවට යෑමට සැමියා ඉඩ ලබා දියයුතුයි.''
බිරිඳ හැකියාවක් දක්වන රැකියාවට යෑමට සැමියා ඉඩ ලබා දියයුතු බව ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක බස් රථයක් ධාවනය කරන ප්‍රථම සහ එකම කාන්තව වන ලක්ෂි සජින්තා පවසන්නීය.
ඇය දිනකට සිය බස් රථය මාතර සිට කොළඹට පැමිණ ආපසු යෑමට 400Km දුරක් ධාවනය කරන්නීය.
අධිවේගී මාර්ගයේ විශාලප්‍රමාණයේ බස් රථයක් ධාවනය කිරීමේදී ඇය මුහුණදුන් අභියෝග සහ අත්දැකීම් ගැන සඳහන් කළ ලක්ෂි සජින්තා කාන්තාවන් තමන්ගේ හැකියාවන් හඳුනාගෙන රැකියා කළ යුතු බව වැඩිදුරත් පැවසුවාය.b


