ඉන්ධන අර්බුදය: පෝලිමේ දී මරණයට පත් පුතු වෙනුවෙන් මග බලා සිටින මවක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්ධන අර්බුදය: පෝලිමේ දී මරණයට පත් පුතු වෙනුවෙන් මග බලා සිටින මවක්

විදෙස් සංචිත හිඟ වීම සහ ඉහළ යන උද්ධමනය හමුවේ ශ්‍රී ලංකාව තුළ ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතී.

දින කීපයක්, පැය ගණනාවක් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීම නිසා සිය පුතු මරණයට පත් වූ බව අසූ හය හැවිරිදි එංගනෝනා පවසයි.

දෙදෙරු පියෙකු වන චමින්ද පුෂ්පකුමාර දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසලදී මරණය පත්ව ඇත්තේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙනි.

ඉන්ධන පෝලිම්වල සිටීම නිසා මේ දක්වා මරණයට පත් මුළු සංඛ්‍යාව පිළිබඳ පොලිසිය වාර්තාවක් තබා නොගන්නා බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව BBC වෙත පැවසීය.

මේ අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ පූර්ව රෝගාබාධ සහිත පුද්ගලයන් ද සිටිය හැකි බැවින් පෝලිම්වල දීර්ඝ කාලයක් රැඳී සිටීම නිසාම ඉහත කී මරණ සිදුව ඇතැයි ද යන්න නිශ්චිතව කිව නොහැකි බවය.