''ගෝටයි රනිලුයි එකතු වෙලා කරන්න යන්නෙත් එකම දේ.''

ගාලු මුවදොර 'ගෝටා ගෝ ගම' අරගලය ආරම්භ කර අදට දින 47කි.

මේ දිනවල පවතින අධික වර්ෂාව මැද වුව ද තවමත් තරුණ පිරිස් 'ගෝටා ගෝ ගම' රැඳී සිටිති.

සවස් කාලයට වැඩි වශයෙන් පිරිස ඒකරාශීවනු දක්නට ලැබේ.

ජයග්‍රහණයකින් තොරව අරගලය අත්හැරීමට සුදානම් නැතැයි ඔවුහු අවධාරණය කරති.